රජයේ සේවකයන් රාජකාරී සදහා කැදවීම අද සිට සීමා කිරීමට නියමිතයි. කෙසේ වෙතත් සේවකයින්ගේ වැටුප් කප්පාදු කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පැවැසුවේ.
පවතින සම්පත් හිගය මත රාජ්‍ය වියදම් අවම කර ගැනීම මෙම වැඩපිළිවෙලේ අපේක්ෂාවයි. ඒ වෙනුවෙන් විශේෂ චක්රලේඛයක්ද නිකුත් කෙරුණා.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා පැවැසුවේ රජයේ කාර්යාලවලින් ජනතාවට සිදුවන මහජන සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවයි. අත්‍යවශ්‍ය අවම නිලධාරීන් කැදවා එම සේවාවන් පවත්වාගෙන යාමට සුදුසු වැඩපිළිවෙලක් සකස් කරන ලෙසයි අදාල චක්රලේඛයෙන් ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙන්නේ.
කෙසේවෙතත් අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සාමාන්‍ය පරිදි සිදුවන බවද රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා පැවැසුවා.