ජූලි මාසයේ සිට ක්රියාත්මක වන පරිදි රාජ්ය සේවක වැටුප ඉහළ දැමීමට අගමැතිවරයා තීරණය කර තිබෙනවා. අතුරු අයවැය ඉදිරිපත් කරමින් අදාල යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි අගමැතිවරයා සූදානමින් සිටින්නේ.
රාජ්ය සේවක වැටුප රු. 20,000 න් වැඩි කළ යුතු බවට මේ වන විට යෝජනා ඉදිරිපත් වී ඇති බවටද තොරතුරු වාර්තා වනවා. ජීවන වියදම් පිළිබද නිසි තක්ෂේරුවක් සිදුකිරීමෙන් අනතුරුව එම මුදල තීරණය කිරීමට නියමිතයි. ජීවන වියදම ඉහළ යාමේ තත්ත්වයට මුහුණ දීම සඳහා සහන අය වැයෙන් රජයේ සේවකයින්ගේ මාසික වැටුප වහාම ක්රියාත්මක වන පරිදි වැඩි කිරිමටයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා තීරණය කර තිබෙන්නේ.
2015 වසරේ දී යහපාලන රජය බලයට පත් වූ විගස දින සියයක් ඇතුළත රජයේ සේවකයින්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කිරීමටද රනිල් වික්රමසිංහ මහතා පියවර ගත්තා.
රාජ්ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට සමාන්තර ලෙස පෞද්ගලික අංශයේද වැටුප් වැඩිකරන ලෙස ඉල්ලීමක් කිරීමටද අගමැතිවරයා සූදානමින් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.