රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනයේ ඩොන්බෑස් කලාපයේ ‘ හමුදා මෙහෙයුමක්’ නිවේදනය කර තිබෙනවා.
රුසියානු ජනාධිපතිවරයා එරට රූපවාහිනිය අමතමින් මේ බව නිවේදනය කර තිබුණා. බටහිර කලාපය සහ යුක්රේනය දක්වන ප්‍රතිචාරවලට ක්‍රියාමාර්ගයක් ලෙස මෙම මෙහෙයුම නිවේදනය කළ බවයි ඔහු පවසා තිබෙන්නේ.
තවද රුසියානු ජනාධිපතිවරයා අනතුරු අඟවා සිටින්නේ, බටහිරින් සහ යුක්රේනයෙන් අඛණ්ඩව මෙවැනි ප්‍රතිචාර දැක්වීම් අඛණ්ඩව සිදුවුවහොත් අඛණ්ඩව ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බවයි.
යුක්ක්‍රේනයට නේටෝ සාමාජිකත්වය ලබාදීමට එරෙහි රුසියානු ක්‍රියාමාර්ගයක් ලෙසයි මෙම තත්ත්වය හැදින්විය හැකි වන්නේ. රුසියාව අඛණඩව අවධාරණය කර සිටින්නේ යුක්ක්‍රේනයට නේටෝ සාමාජිකත්වය ලබානොදිය යුතු බවයි.
රුසියානු ජනාධිපතිවරයා යුක්රේනයේ ඩොන්බාස් කලාපය තුල මෙහෙයුම් දියත් කිරිමට තමන් හමුදාවන්ට නියෝග නිකුත් කළ බව පැවැසීමත් සමග ලෝකයම යම් තිගැස්මකට ලක්ව තිබෙනවා. තමන්ට අවශ්‍ය භුමිය අත්පත්කර ගැනීමක් නොවන බවද කෙසේ වෙතත් එහි සිටින සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරිමට අවශ්‍ය බවද පුටින් ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.
රුසියානු ජනාධිපතිවරයා මෙහිදී යුක්රේන හමුදා සාමාජිකයින්ට අවධාරණය කර ඇත්තේ ” අවි බිම තබා ගෙදර යන” ලෙසයි. එමෙන්ම තමන්ට එරෙහිව නැගී සිටින ඕනෑම රටකට දැඩි විපාක විදීමට සිදුවෙනු ඇති බවටද ඔහු අනතුරු අගවා තිබෙනවා.