යුක්රේන දේශ සීමාවේ සිටි තම හමුදා සාමාජිකයින්ගෙන් කොටසක් ආපසු කැඳවූ බව රුසියාව අද ප්‍රකාශ කර තිබුණද එය කොතරම් දුරට විශ්වාසදායී තොරතුරක්ද යන්න පිළිබද ලෝක නායකයින් සැකපලකරවා. ඒ අනුව, රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කරනු ඇති බවට වූ බිය පහව ගොස් නොමැති බව ඔවුන්ගේ මතයයි.
කොරෝනා වැනි බරපතල ගැටලු පවතින අවස්ථාවක වුවද රුසියානු – යුක්රේන අර්බුදය කෙරෙහි ලෝකයේ වැඩිම අවධානයක් යොමුවි ඇති අතර, ලෝක මාධ්‍යද ඒ වෙනුවෙන් විශාල කාලයක් වෙන්කිරීමටද පියවර ගෙන තිබෙනවා. බීබීසී ඇතුලු ජාත්‍යන්තර මාධ්‍ය දැවැන්ත ආවරණයක් සහිතව මෙම කාරණය වාර්තාකර තත්ත්වයක්ද නිරීක්ෂණය කළ හැකියි.
රුසියානු භටයින් ලක්ෂයකට වැඩි පිරිසක් යුක්රේන දේශ සීමා අසලට කැඳවීමත් සමඟ යුක්රේනයට දැවැන්ත ප්‍රහාරයක් එල්ලවනු ඇති බව බොහෝ දෙනෙකුගේ විශ්වාසය වී තිබූ අතර, ඇමරිකාව රුසියාවට අනතුරු ඇගවීම් සිදුකළද රුසියාව එය ගණනකට හෝ නොගත් තත්ත්වයක්ද නිරීක්ෂණය වුණා.
ලක්ෂයකට වැඩි පිරිසක් දේශසීමා අසල ස්ථානගත කළ බව පැවැසීමෙන් පසුව ඒ අතරින් පිරිසක් ඉවත් කළ බව රුසියාව අද නිවේදනය කළා. කෙසේ වෙතත් ඒ පිරිස කොපමණ ද යන්න නිශ්චිතව පවසා නොතිබීමද ගැටලුවට කාරණයක්. මේ අතර ලබන ඉරිදා බෙලරුස් රාජ්‍යය සමඟ එක්ව දැවැන්ත යුධ අභ්‍යාසයක් සිදුකිරීමට සැලසුම් කර ඇතැයිද රුසියාව පවසා තිබෙනවා.
ඒ අනුව මෙම පියවර මගින් බටහිර රටවල් දක්වන බිය කොතෙක් දුරට පහව යාදැයි කිව නොහැකි බව විදෙස් විචාරකයින්ගේ මතයයි.

