රූපවාහිනී හා ගුවන්විදුලි විකාශයන් අඛණ්ඩව පවත්වාගෙන යාම මේ වන විට ගැටළුවක් බවට පත්වෙමින් තිබෙනවා. ඒ විකාශන කුළුණුවල ස්ථාපිත ජෙනරේටර් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම ඉතා අසීරු කටයුත්තක් බවට පත්ව තිබීම හේතුවෙන්.
ඉන්ධන සපයා ගැනීම මෙන්ම සපයා ගනු ලබන ඉන්ධන කුළුණු වෙත රැගෙන යාමද ගැටළුකාරී තත්ත්වයක් බවට පරිවර්තනය වෙමින් තිබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මේ තත්ත්වය විසදාගැනීමට නම් විද්‍යුත් විකාශන සදහා අවශ්‍ය ඉන්ධන සැපයීම වෙනුවෙන්ද විශේෂ වැඩපිළිවෙලක් සම්පාදනය කළ යුතු බවට රජය වෙත යෝජනා ඉදිරිපත්ව තිබෙනවා.