අභ්‍යවකාශයේ වසර 7 ක් තිස්සේ පාවෙමින් තිබූ ඇමෙරිකානු ස්පේස් එක්ස් අභ්‍යවකාශ සමාගමට අයත් රොකට්ටුවක කොටසක් ලබන මාර්තු හතර වැනිදා වනවිට සඳ මතුපිටට කඩා වැටීමට නියමිතයි. ‘ෆෝල්කන් 9’ වර්ගයේ රොකට්ටුවක බූස්ටර් කොටස මෙලෙස කඩා වැටීමට නියමිත බවත්, මෙම රොකට්ටුව 2015 පෙබරවාරි මාසයේ ෆ්ලොරිඩාවෙන් අභ්‍යවකාශය බලා ගොස් ඇති බවත් ඇමරිකානු විද්‍යාඥයින් පවසනවා. අන්තර් ග්‍රහලෝක රහස් නිරීක්ෂණය කිරීම සදහායි මෙම යානය අභ්‍යාවකාශ ගතකර තිබුණේ.
මෙහෙයුම් රාශියකට සම්බන්ධවී ඇති මෙම යානයට පෘතුවියට පැමිණීමට නොහැකි වී ඇත්තේ, ප්‍රමාණවත් තරම් ඉන්ධන නොතිබීම හේතුවෙන්.
විද්‍යාඥයන් වැඩි දුරටත් පවසා ඇත්තේ රොකට්ටු කොටස සඳ මතුපිටට කඩා වැටුනහොත්, එය සුනුවිසුනු වී තවත් මෙට්‍රික් ටොන් හතරක පමණ කසළ කොටස් අභ්‍යවකාශයට එක් වනු ඇති බවයි. රොකට්ටු කැබැල්ල සඳේ ගුරුත්ව බලයට හසුවී, සඳ වෙත ඇදී යනු ඇත්තේ පැයට කිලෝමීටර් 9,288 වේගයකින්.