fbpx
More

    “ලෙස්ටර්” ට මහ නිගාවක්.

    Must read

    ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නමින් කෞතුකාගාරයක් හා සිනමා පාසලක් ඉදිකිරීම බොහෝ කලාකරුවන්ගේ ඇගයීමට ලක්වූ කාරණයක්. කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතියේද අක්‍රමිකතා රැසක් සිදු වී ඇති බව අනාවරණ වී තිබෙනවා. ඒ කෝප් කමිටුව විසින් සිදුකළ සොයා බැලීමකදීයී.

    රුපියල් කෝටි දහයකට වැඩි ඇස්තමේන්තුවක් මත කෞතුකාගාරයේ සහ සිනමා පාසලේ ඉදිකිරීම් සිදුකරන අතර, එම ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ 2019 වර්ෂයේ අප්‍රේල් මාසයේදීයී. ඉදිකිරීම් කටයුතු එම වර්ෂයේ ජුලි මස 10 වැනි දිනට අවසන් කිරිමට නියමිතව තිබුණ ද එම කටයුතු අතරමග නතර වී තිබුණා. ඒ පිළිබදයි කෝප් කමිටුවේ අවධානය යොමු වී තිබෙන්නේ.

    මෙම අක්‍රමිකතා සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙසද ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රධානීන්ට කෝප් කමිටුව නිර්දේශ කර තිබෙනවා.

    මෙහිදී ජාතික චිත්‍රපට සංස්ථාවේ අභ්‍යන්තර විගණකවරයා පවසා ඇත්තේ, අදාල ඉදිකිරීම්වල පළමු අදියර සඳහා රුපියල් ලක්ෂ 60ක බිල්පත් ඉදිරිපත් වී ඇති බවයි. ඒ අතරින් ලක්ෂ 40ක බිල්පත් නිරවුල් කර ඇති බවද සෙසු වියදම් සම්බන්ධයෙන් පැහැදිලි කරගැනීම සදහා පරීක්ෂණයක් සිදුවන බවද ඔහු පවසා තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව