වස පානය කිරීමට සලසා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඝාතනය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව යුක්රේන බුද්ධි අංශ විශේෂ අනාවරණයක් සිදු කර තිබෙනවා. රුසියාවේම ප්‍රභූන් පිරිසක් හා ධනවත් ව්‍යාපාරිකයින් පිරිසක් විසින් මෙම කුමන්ත්‍රණය සැලසුම් කරමින් සිටින බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
රුසියානු ජනාධිපතිවරයාගේ බටහිර විරෝධී ක්‍රියාකලාපය මෙවැනි සැලසුමකට හේතු වී ඇතැයිද පෙන්වා දෙන යුක්රේන බුද්ධි අංශ අවධාරණය කර ඇත්තේ, රුසියාවට එරෙහිව බටහිර රටවල් විසින් පනවා ඇති සම්බාධක හේතුවෙන් රුසියාවේ ව්‍යාපාර ක්ෂේත්රය බරපතල ගැටළු රැසකට මුහුණ දී ඇති බවයි. එම තත්ත්වය මෙවැනි ඝාතන සැලසුමකට හේතු වී ඇතැයිද එම වාර්තාවේ දැක්වෙනවා.
පුටින් විරෝධීන්ගේ මතය වී ඇත්තේ පුටින් ඝාතනය කිරීමෙන් මෙම සම්බාධක ඉවත්කර ගත හැකිය යන්නයි.