ශවේන්ද්‍ර සිල්වා මහතා යුධ හමුදාපතිධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ලබන මස 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු ඉල්ලා අස්වීමට නියමිත බවද අනතුරුව මාණ්ඩලික ප්‍රධානී ලෙස පමණක් කටයුතු කිරීමට තීරණය කර ඇති බවද රජයේ ආරංචි පැවැසුවා.
එමෙන්ම මේජර් ජනරාල් විකුම් ලියනගේ මහතා මීලග හමුදාපතිවරයා ලෙස පත්කිරීමට නියමිත බවටද තොරතුරු වාර්තා වනවා.