සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ 9 වන ජාතික සම්මේලනය අද (16) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුුුණා.
සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය (APLA), ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින උපකාරක පන්ති ගුරුවරුන්ගේ එකතුවෙන් 2004 දී පිහිටුවා ගත් සංවිධානයක්. විශ්වවිද්‍යාල මහාචාර්යවරු, කතිකාචාර්යවරු, වෘත්තීයවේදීහු, රජයේ පාසල්වල ගුරුවරු ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන 3,500කට ආසන්න පිරිසක් මෙහි සාමාජිකත්වය දරණ අතර, සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ 9 වන ජාතික සම්මේලනය සහ වාර්ෂික නිලවරණයද අද පැවැත්වුණා.
“හරිත ගුරුවරයා” වෙබ් අඩවිය විවෘත කිරීම සහ සංගමයේ හිටපු සභාපතිවරුන් හතර දෙනෙකුට සහ එක් සාමාජිකයෙකුට සමරු තිළිණ පිරිනැමීමද මෙහිදී සිදුවුණා.
සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය අමිත් පුස්සැල්ල මහතා සහ විධායක සභාවේ සාමාජිකයින් විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද ප්රදානය කළා.