fbpx
More

    සමෘද්ධි දීමනාව 3000 න් ඉහළ දමයි – මාස 03 ට සහන මල්ලක් – වියදම රු.මි. 4455 යි.

    Must read

    සමෘද්ධී දීමනාව ඇතුළු දීමනා කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි මාස 03 ක කාලයක් සදහා ඉහළ දැමිමට රජය තීරණය කර තිබෙනවා. 1900 හා 3200 බැගින් සමෘද්ධි ආධාර ලබන සියළු පවුල් වෙත සමෘද්ධි දීමනාව රුපියල් 3100 න් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර, එම සාමාජික පවුල්වල සමෘද්ධී දීමනාව රු. 5000 ක් සහ 6300 ක් ලෙස ඉහළ දැමෙනු ඇති. රු. 4500 ක සමෘද්ධි ආධාර හිමි පවුල්වෙත එම දීමනාව රු. 7500 ක් දක්වා රු. 3000 න් ඉහළ දමා තිබෙනවා.

    අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවැසුවේ වැඩිහිටි දීමනාව රු. 5000 දක්වා රු.3000 න් ද ආබාධිත දීමනාව රු. 7500 දක්වා රු. 2500 න් ද වකුගඩු දීමනාව රු. 7500 දක්වා රු. 2500 න් ද ඉහළ දැමීමට පියවර ගන්නා බවයි.

    එමෙන්ම පොරොත්තු ලේඛණවල සිටින සමෘද්ධී, වකුගඩු, ආබාධිත හා වැඩිහිටි ප්‍රජාව වෙත රු.5000 ක දීමනාවක් මාස 03 ක කාලයක් සදහා ලබාදීමට නියමිත බවද ඒ සමස්ථ දීමනා වෙනුවෙන් ලෝක බැංකුවෙන් ලැබුණු ආධාර උපයෝගීකර ගන්නා බවද ඇමැතිවරයා පැවැසුවා. ඒ වෙනුවෙන් වැය කරන සමස්ථ මුදල රු. මිලියන 4455 ක්.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව