ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ඵෙතිහාසික ලෝක වාර්තාවක් හමුවට සමීප වී . අඛණ්ඩව වැඩිම ටෙස්ට් ඉනිම සංඛ්‍යාවකදී අර්ධ ශතක රැස් කළ පිතිකරු බවට පත්වීමේ අවස්ථාවක් හමුවේයී ඔහු මේ වන විට රැදී සිටින්නේ.
මේ වනවිට දිමුත් කරුණාරත්න අඛණ්ඩව ටෙස්ට් ඉනිම් 6 කදී අර්ධ ශතක රැස්කර ගෙන සිටිනවා. එහි ලෝක වාර්තාව වන්නේ අඛණ්ඩව ටෙස්ට් ඉනිම් 7 කදි අර්ධ ශතක රැස් කිරීමයි. කුමාර් සංගක්කාර ඇතුළු පිතිකරුවන් හය දෙනෙකු එම වාර්තාවට හිමිකම් කියනවා.
කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන මීළඟ ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේදී අර්ධ ශතක දෙකක් රැස්කර ගත හොත් නව ලෝක වාර්තාවට හිමිකම් කීමට දිමුත් කරුණාරත්නට අවස්ථාව උදාවනු ඇති. ශ්‍රී ලංකා කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන සදුදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි.
මෙය ඉතා සුවිශේෂී වාර්තාවක් වන්නේ, 1948 සිට එම ලෝක වාර්තාව බිද හෙළීමට ජාත්‍යන්තර තලයේ කිසිදු ක්‍රීඩකයෙකු සමත් නොවීමයි. අඛණ්ඩ අර්ධ ශතක 06 ක් රැස්කරමින් වාර්තාව සමකළද එය ඉක්මවා යාමට කිසිවෙකුට හැකි වි නැහැ.
එමෙන්ම මේ වන විට ක්‍රිකට් ලෝකය තුළ කතා බහට ලක්ව ඇති කාරණය වන්නේ දිමුත් ඉතා විශිෂ්ට පිතිකරුවෙකු වන බවයි. ඔහුගේ පිතිකරණ විලාශය නව ක්‍රමවේද සහිත ආදර්ශමත් පිතිකරණයක් බව ලෝක ක්‍රිකට් විචාරකයින් පවසනවා.