fbpx
More

    සර්ව පාක්ෂික ආණ්ඩුවක් – මෛත්‍රී විපක්ෂ නායක කාර්යාලයට ගොඩවදියි.

    Must read

    “ජාතික ප්‍රතිසංස්කරණ හා ඉදිරි ගමන” වැඩසටහනේ තීරණාත්මක හමුවක් මේ වන විට විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද ඊට එක්ව සිටීම කැපී පෙනෙන කාරණයක්.

    රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩගැනීම වෙනුවෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සහ ඊට අදාලව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි අරමුණ වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, වෛද්‍ය රාජිත සේනාරත්න, පී.විග්නේෂ්වරන්, පී. දිගම්බරම්, ඇතුළු දේශපාලන නායකයින් ද, වික්ටර් අයිවන්, ජනරංජන, ගාමිණී වියංගොඩ ඇතුලු සිවිල් ක්‍රියාකාරීන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටිනවා.

    පාර්ලිමේන්තුවේ පවතින තත්ත්වයන් නිසි ලෙස කළමනාකරණය කරගනිමින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට නායකත්වය ගන්නා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා සජිත් ප්‍රේමදාස මහතා වෙත දැනුම් දී ඇති බවත්, ඉන් අනතුරුව මෙම විශේෂ සාකච්ඡාව කැදවීමට පියවර ගෙන ඇති බවත් දේශපාලන ආරංචි පවසනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව