මැණිකේ මගේ හිතේ නැමැති යොහානි ද සිල්වා විසින් ගායනා කළ ගීතය සාමණේර භික්ෂූන් වහන්සේලා පිරිසක් ගයන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.
මෙහි විශේෂත්වය වන්නේ අදාල විහාරස්ථානයේ ලොකු හාමුදුරුවන් ලෙස සැලකිය හැකි හිමි නමක සාමණේර භික්ෂූන් විසින් එය ගායනා කරන ආකාරය බලා සිටීමයි.
මෙය කුමන විහාරස්ථානයේ සිදුවූවක්ද යන්න මේ දක්වා අනාවරණ වී නැහැ.
මේ පොඩි උන්ට ආදර්ශයක් වෙන්න විදියක් නෑ නායක කහකඩයට.ඒ ඉන්න හැටියෙන් පේනවා.පිරිත් ගාථා තමා ඉස්සර / නවය වෙනකන් පාඩම් කරලා නායක හාමුදුරුවො ඉස්සරහ කිව්වෙ.දැන් ඉතින් ඉස්සරහට මේ පොඩි ස්ව්මින් වහනසේලා පිළිකුල් භාවනවාට මැණිකෙගෙ නෙරිය ගැන වෙන්න ඇති කියන්නේ.