ගෑස් මෙට්ට්‍රික් ටොන් 10,0000 ක් කඩිනමින් ආනයනය කිරීමට රජය සූදානම් වනවා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී මේ බව සදහන් කළා.
ඔහු පැවැසුවේ ගෑස් හිගයට පිළියම් යෙදීම සදහා මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නගන බවයි.
ඒ සදහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 70 ක් සහ රජය යටතේ තවත් ඩොලර් මිලියන 20 ක මුදලක් වෙන් කිරීමට නියමිත බවයි අගමැතිවරයා පැවැසුවේ.