පැය 13 ක විදුලි කප්පාදුව හේතුවෙන් දුරකතන සංඥා කුළුණු මුළුමනින්ම අක්‍රීය වීමේ අවධානමක් මතුව තිබෙනවා. ජෙනරේටර් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමද ගැටළුවක් වීම ඊට හේතුවයි.
ඒ සදහා අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමද මේ වන විට දුෂ්කර කාර්යක් වී ඇති අතර, ජෙනරේටර් මගින් අඛණ්ඩව එම කුළුණු සක්‍රීයව පවත්වාගෙන යාමට නොහැකි බවයි දුරකතන සමාගම් පවසන්නේ.