ලබන 07 දා සිට ගෑස් තොග දිවයිනට ලැබෙන බවද ඒ අනුව මේ මාසය අවසන් වන විට ගෑස් ගැටළූව සම්පූර්ණයෙන් විසදීමට හැකි වන බවද ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.
එහි සභාපති මුදිද පීරිස් මහතා සදහන් කළේ ලබන 07 දා ගෑස් නෞකාවක් දිවයිනට ළගාවීමට නියමිත බවයි. ඉන් අනතුරුව ලබන 10 දා තවත් ගෑස් නෞකාවක් ලැබීමට නියමිත බවද එතැන් සිට අඛණ්ඩවම ගෑස් ගෙන්වීමට පියවර ගෙන ඇති බවද ඔහු පැවැසුවා.