More

    උපුල් ජයසූරිය ඉල්ලා අස්වෙයි – තීරණ ගැනීමේදී බලපෑම්

    Must read

    ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ නීතිඥ උපුල් ජයසූරිය මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    පුද්ගලික හේතුන් මත තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බවත්, මේවන විට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් වෙත බාරදී ඇති බවත් වාර්තා වේ.

    අප කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් ජයසූරිය මහතා කියා සිටියේ ඉල්ලා අස්වීමේ ලිපිය සමග නිල රථයද බාරදුන් බවත්, මේවන විට තමන් තම පුද්ගලික මෝටර් රථයෙන් නිවසට යමින් සිටින බවයි.

    තමන් රාජකාරි කටයුතු කළ කාලයේදී යම් යම් තීරණ ගැනීමේදී බලපෑම් එල්ලවූ බවත්, රාජකාරිවලට බාධා පැමිණුනු බවත් සිහිපත් කළ ඔහු, සිතට එකඟව කටයුතු කිරීමේ අපහසුතාව මෙම තීරණයට බලපෑ බැව් අවධාරණය කළේය.

    කෙසේ වෙතත් ඇතැම් තීරණ ගැනීමේදී හා ක්‍රියාමාර්ග ගැනීමේදී ස්වාධීනව ක්‍රියා කිරීමට හැකිවූ බවත්, රාජකාරි කළ කාලය තුළදී විෂය බාර අමාත්‍යවරයා,අග්‍රාමාත්‍යවරයා,ජනාධිපතිවරයා යන අය විසින් ලබාදුන් සහයෝගයට ස්තූතිය පළකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව