More

    අනුර – රාජිත ගැටේ.

    Must read

    නියගයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය සේවා දිමනාවක් ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය.

    නියගයෙන් පිඩාවට පත් ජනතාවට ලබා දෙන රුපියල් 2500 ක සහන මල්ලෙන් පමණක් ඔවුන්ට යැපිය නොහැකි බැවින් විශේෂ සෞඛ්‍ය දිමනාවක් ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය.

    නියගය පිළිබඳ සභාව කල් තැබිමේ විවාදයට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙම ඉල්ලිම කළේය. නියගයෙන් දිස්ත්‍රික්ක 9 ක ජනතාවක් පිඩාවට පත්ව ඇති බවත් ඔවුන් නොයෙකුත් වකුගඩු රෝගය වැනි රෝගවලින් පිඩාවට පත්ව ඇති පිරිසක් බවත් පැවසු මන්ත්‍රීවරයා මේ නිසා ඔවුන්ට සෞඛ්‍ය දිමනාවක් ද හිමි විය යුතු බව කීය.

    මේ අවස්ථාවේදි නැගි සිටි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා සියලූ රෝහල් වල පරික්ෂණ කටයුතු නොමිලේ සිදුකරනා බවත් අවශ්‍ය බෙහෙත් සපයා ඇති බවත් කීවේය.

    මේ අවස්ථාවේ දෙදෙනා අතර උණුසම් වාදයක් ඇති වූ අතර කතානායක කරු ජයසූරිය මහතා මැදිහත් වී එය සමතයකට පත් කලේය.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article