More

    පළාත් පාලන ආයතන ඡන්ද විමසිම් (සංශෝධන) පනත් කෙටුම්පත ඡන්ද විමසිම හෙට.

    Must read

    පළාත් පාලන ආයතන ඡන්ද විමසිම් (සංශෝධන) පනත් කෙටුම්පත වෙනුවෙන් වන ඡන්ද විමසිම හෙට දිනයේ සිදුකරනු ඇති.

    පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදි කතානායක නිවේදන ප්‍රකාශයට පත්කළ අවස්ථාවේ නැගි සිටි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.
    මෙම පනත් කෙටුම්පතට සංශෝධන 50 ක් ඉදිරිපත් කරලා තියෙනවා. එම සංශෝධන නිත්‍යානුකඣල ද නැද්ද ස්ථාවර නියෝගවලට අනුකඣලද නැද්ද කියන කාරණය අධ්‍යයනය කරන්න කාලය ඕනා. ස්ථාවර නියෝග අනුව මේ විවාදය දික් කරන්න.

    සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – සංශෝධන අද ඊයේ ආපුව නොවෙයි. 27 වතාවක් පකෂ නායකයෝ සමඟ නිලධාරින් කතා කරපුවා. මෙයාලා ඡන්දය ඉල්ලලා උසාවි යනවා. ඡන්දය තියන්න අපි සුදානම් වෙන කොට කල් දාන්න කියනවා. මේකට සම්මාදම් වෙන්න. මේ මල්වට්ටියට අත ගහන්න. පනත සම්මත කරලා ඡන්දේ තියන්න යනකොට බාධා කරනවා. ඇයි ඡන්දේ තියනවාට බය….

    දිනේෂ් ගුණවර්ධන මහතා – අපි ඡන්දය තියනවාට බය නැහැ. පනත ඉදිරිපත් කරපු වෙලාවේ ප්‍රකාශ කළා මැතිවරණ කොමසාරිස් හදපු පනත විතරයි දාන්නේ කියලා. දැන් සංශෝධන 50 ක් ඉදිරිපත් කිරිම ගැටලූවක්. ඡන්දය තියන්න කියලා දිගටම සටන් කළේ විපක්ෂය. ඔබ දැන් මේ කරන්න හදන දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වගේම පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලටත් පටහැනියි.

    කතානායක – දැනට විවාදය ආරම්භ කරලා සංශෝධන ඉදිරිපත් කරමු.

    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා – මැතිවරණ කොමසාරිස් දැනුම් දිලා දුන්නේ පනත සම්මත කරලා දින 75 ක කාලයක් ඔවුන්ට ඕනේ කියලායි. සැප්තැම්බර් 15 දාට පෙර පනත සම්මත කරලා දෙන්න බැරිනම් සාමාන්‍ය පෙළ විභාගයට පෙර ඡන්දය තියන්න බැහැ කියලා ඔහු මේ සම්බන්ධයෙන් තිබුණු සාකච්ඡාවකදි කිව්වා. විවාදය ආරම්භ කරමු සංශෝධන සම්බන්ධයෙන් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරින් සමඟ අදම සාකච්ඡා කරමු. පනත සම්මත කරන්න කල් ගියොත් ඡන්දයත් කල් යනවා. ඒක නිසා අපේ ස්ථාවරය පනත විවාදයට අරගෙන හෙට (25) දිනයේදි ඡන්දය ගමු කියන එකයි.

    ඩලස් අලහප්පෙරුම මහතා – මැතිවරණය නැතුව දැන් අවුරුදු 2 යි මාස 3 ක් ගත වෙලා තියෙනවා. මැතිවරණය කල් දමන්න අපි සිහිනයෙන්වත් හිතලා නැහැ. ඒ චෝදනාව ඉල්ලා අස්කර ගන්න කියලා අපි සභානායකතුමාට කියනවා. මැතිවරණ කොමසාරිස් පක්ෂ නායකයන්ට ලිපියක් එවලා තියෙනවා අළුත් ඡන්ද ක්‍රමයක් නිසා දින 75 ක් ගත වන බැවින් ලබන 15 දා ට පෙර පනත සම්මත කරලා දෙන්න කියලායි. සංශෝධන 50 ක් තියන නිසා ලබන සතියේ අගහරුවාදා මේ විවාදය අරගෙන ඉවර කරමු. අපට තියෙන්නේ අධ්‍යයනය කරන්න විනාඩි 30 යි.

    සභානායක – ඡන්දේ කල් ගියේ අපේ වැරැද්දෙන් නොවෙයි. පහුගිය ආණ්ඩුව කාලේ කොට්ඨාශ නිර්ණය කෙරුවේ ඇමති කෙනෙකුගේ ගෙවල්වල ඉදලයි.

    වාසුදේව නානයක්කාර මහතා – අපි ආවේ මැතිවරණ කොමිසමේ යෝජනා අනුව කටයුතු කරන්නයි. නමුත් අද ඊනියා සංශෝධන ගෙනල්ල ආණ්ඩුව මේක අවුල් කරලා.
    කතානායක – අපි පක්ෂ නායක රැස්විමේදි මේ ගැන අවසන් තින්දුවක් ගනිමු.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article