More

    නෙවිල් ප්‍රනාන්දුට ලක්ෂ 3,000ක් වසරකට ගෙවන කූට ජාවාරම

    Must read

    ව්‍යාජ ගිවිසුමක් ඉදිරිපත් කරමින් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගත් බව පෙන්වා මසකට රුපියල් ලක්ෂ 250 බැගින් වසරකට ලක්ෂ 3,000ක් නෙවිල් ප්‍රනාන්දුට ගෙවීමේ කූට ජාවාරම ගිය මස සිට ආණ්ඩුව ආරම්භ කර ඇති බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු, ජවිපෙ පළාත් සභා මන්ත්‍රි වසන්ත සමරසිංහ හෙළි කරයි.
    ඒ අනුව පසුගිය අගෝස්තු මස භාණ්ඩාගාර මුදල් රුපියල් ලක්ෂ 250ක් නෙවිල් ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික බැංකු ගිණුමට බැර කර ඇති බව මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
    සමරසිංහ මහතා පවසන්නේ නෙවිල් ප්‍රනාන්දු නම් පුද්ගලයාගේ සමස්ත වත්කම්වලට වැඩියෙන් මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවකින් වසර කිහිපයක් තුළ අවස්ථා කිහිපයකදී ණය ලබාගෙන ඇති අතර 2011 සිට 2017 දක්වා අවස්ථා 9කදී රුපියල් මිලියන 2,466ක් ලබාගෙන ඇති බවයි.

    එම රුපියල් මිලින 2,466න් රුපියල් මිලියන 2,265ක් හා බැංකු අයිරාව ලෙස රුපියල් මිලියන 226ක් නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් මේ වන විට ගෙවීමට නියමිතව ඇති බව සමරසිංහ මහතා පෙන්වා දෙයි.

    වසරකට ලක්ෂ 3,000 බැගින් වසර දහයකට ලක්ෂ 30,000ක් භාණ්ඩාගාර මුදලින් නෙවිල් ප්‍රනාන්දුට බැර කිරීම නීති විරෝධී බව පෙන්වා දෙන ඒ මහතා පැවැසුවේ තමා මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවටත්, ජනාධිපති විමර්ශන කොට්ඨාසයටත් පැමිණිල්ල යොමු කරන බවයි.

    එලෙස රජයේ මුදල් යොදවමින් බැංකුවට සින්න වීමට නියමිත නෙවිල් ප්‍රනාන්දු රෝහල හා නෙවිල් ප්‍රනාන්දුගේ ඇපකරුවන් බේරා ගැනීමේ උත්සාහයකට ජනාධිපති, අගමැති, ඇමැති රාජිත සේනරත්න ඇතුළු පිරිස වගකිවයුතු බවද ඒ මහතා අවධාරණය කෙළේය.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව