More

    ලංවිමට අද තීරණාත්මකයි.අගමැතිට කේන්ති යයි.

    Must read

    මේ වන විට ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් ක්‍රියාත්මක කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනය පිලිබඳ අද උදෑසන ලංකා විදුලිබල මණ්ඩල ජාතික සේවක සංගමය, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී අමාත්‍ය සාගල රත්නායක මහතා අතර විශේෂ සාකච්චාවක් පවත්වා තිබේ.
     
    වැඩවර්ජනයට අද මධ්‍යම රාත්‍රියේ සිට එක්වීමට නියමිත තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය සහ විදුලිබල මණ්ඩල පාලනාධිකාරිය අද සවස 1.00ට සාකච්චාවක් පැවැත්වීමට නියමිතයි. කම්කරු අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා සමඟ ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සහ විදුලිබල අමත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයාද එක්වන තවත් හමුවක් එම අමාත්‍යාංශයේදී පැවැත්වෙනු ඇති.
    අද සවස 5.00ට ලංකා විදුලිබල මණ්ඩලයේ අතිශය තීරණාත්මක අධ්‍යක්‍ෂ මණ්ඩල සාකච්චාවක් පැවැත්වීමට නියමිත බව මණ්ඩලයේ සභාපති ඩබ්.බී.ගනේගල මහතා පවසයි. වැඩ වර්ජනය පිලිබඳ අවසන් තීරණාත්මක සාකච්චාව අද රාත්‍රී 7.00ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වේ. ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු කටයුතු පිලිබඳ සවිස්තරාත්මක වාර්තාවක් අග්‍රාමාත්‍යවරයා අතට මේ වන විට පත්වී ඇතැයි අනාවරණ වේ.
    පසුගිය රජය සමයේ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයට අනුයුක්තව සේවය කළ වත්මන් බස්නාහිර පළාත දකුණ 1 නියෝජ්‍ය සාමාන්‍යධිකාරී රොහාන් සෙනවිරත්න සහ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (පිරිස්) සේනජිත් දසනායක මහත්වරුන්ගේ ක්‍රියා කලාපය පිළිබඳවද විශේෂයෙන් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති බව සඳහන්.

     

     

     

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව