More

    2018 අය-වැය සඳහා රජය යෝජනා ඉල්ලයි

    Must read

    2018 වසර සඳහා වන අය – වැය නොවැම්බර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බැවින් ඒ සඳහා ඇතුළත් කළ යුතු තම යෝජනා ඉදිරිපත් කරන ලෙස ආර්ථිකයේ සියලු ක්‍ෂේත්‍රවලට සම්බන්ධ පාර්ශ්වකරුවන්ගෙන් රජය ඉල්ලීමක් කරයි.

    ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීම, පොහොසත් රටක් බිහි කිරීම හා රැකියා දස ලක්ෂයක් උත්පාදනය කිරීම අරමුණු කර ගනිමින් සාර්ථක අය – වැයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බැවින් මෙම ක්‍ෂේත්‍රයේ උන්නතිය උදෙසා කරනු ලබන යෝජනා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ හැකිය.

    ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව හා සංවර්ධනය තේමා කරගත් රජය සෑම අවස්ථාවකදීම රටේ ආර්ථික අවශ්‍යතාව මෙන්ම ජනතා අපේක්ෂාවන්ටද මුල්තැන දෙමින් කටයුතු කරන බැවින් වෘත්තීයවේදීන්, විද්වතුන්, ආර්ථිකයේ නිෂ්පාදන, කෘෂිකර්මාන්තය සහ සේවා යන අංශවල නියැළී සිටින්නන් මෙන්ම පොදු මහජනතාවද අය – වැයට ඇතුළත් කළ යුතු යෝජනා ඇත්නම් කොළඹ කොටුව මහලේකම් කාර්යාලයේ පිහිටි මුදල් අමාත්‍යාංශය වෙත ඔක්තෝබර් මස 15 වැනි දිනට ප්‍රථම යොමු කරන ලෙස දැනුම් දීමක් කරයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article