More

    ණය ගෙවීමටයි කියා මත්තල ගුවන් තොටුපළත් විකිණීමට සූදානම්

    Must read

    රුපියල් මිලියන 27 ක්‌ වැයකොට ඉදිකළ ජාත්‍යන්තර වටිනාකමින් යුත් මත්තල ගුවන් තොටුපළ ණය ගෙවීමට යෑයි කියමින් විකිණීමට සූදානම් වන ආණ්‌ඩුව රුපියල් මිලියන 24 ක්‌ වැයකොට යුද නැවක්‌ මිලදී ගැනීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

    මත්තල ගුවන් තොටුපළ විකිණීමට ආණ්‌ඩුව සූදානම් වන්නේ ණය ගෙවීමට නොවන බවත් එය පට්‌ටපල් බොරුවක්‌ වන අතර යුද නැවක්‌ මිලදී ගැනීමට සූදානම් වීමෙන්ම පැහැදිලි වන බවත් හෙතෙම පැවසීය.

    ශත වර්ෂ ගණනාවක්‌ පුරා ජාතියට ආදායම් උත්පාදනය කළ හැකි සම්පතක්‌ ණය ගෙවීමටයි කියා විකිණීමට සූදානම් වෙමින් යුද්ධයක්‌ නැති රටකට යුද නැවක්‌ මිලදී ගැනීමට සූදානම් වන බවට චෝදනා කළ මන්ත්‍රීවරයා මෙහි තේරුම කුමක්‌දැයි ආණ්‌ඩුවෙන් ප්‍රශ්න කළේය.

    බොරැල්ල ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (03 දා) පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවේදී ඩලස්‌ අලහප්පෙරුම මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

    බිලියන 7390 ක්‌ව තිබූ රාජ්‍ය ණය ප්‍රමාණය ආණ්‌ඩුව මේ වසරේ මාර්තු වන විට 9702 ක්‌ දක්‌වා වර්ධනය කර ඇති බවත් ආණ්‌ඩුවේ දින 100 කාලසීමාවේ පමණක්‌ ගත් ණය ප්‍රමාණය බිලියන 2700 කට වැඩි බවත් පැවසූ ඩලස්‌ අලහප්පෙරුම මහතා, ඒ අනුව මේ ආණ්‌ඩුව මිලියන 2.7 ක්‌ ණය වී ඇතැයි කියා සිටියේය.

     

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව