More

    රාජිත,දයාසිරි රනිල්ට හොරෙන් මෛත්‍රීට කීව රහස මෙන්න.

    Must read

    පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සභාවාරය පාර්ලිමේන්තුවේදී ඊයේ අතිඋත්කර්ශවත් අන්දමින් සිදුකෙරිණි.

    ඒ අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අසුන අසලට රාජිත සේනාරත්න සහ දයාසිරි ජයසේකර අමාත්‍යවරුන් දෙදෙනා ලිපිගොනුවක් රැගෙන පැමිණීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ අවස්ථාවක්.

    ජනාධිපතිවරයාගේ අසුන අසලම අසුනේ අසුන් ගෙන සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නොඇසෙන සේ අමාත්‍යවරුන් දෙදෙනා ජනාධිපතිවරයාට රහසක් කී පසු තිදෙනාම සිනාසෙනු දක්නට ලැබිණි.

    එම රහස මේ වනවිට අපවෙත දැනගැනීමට ලැබී තිබේ.ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් ඉවත් කරන ලද ලේකම්වරයා රාජ්‍ය පරිපාලන සංචිතයට ඇතුළත් නොකර ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවයට යොදවා ගැනීමට හැකියාවක් ඇත්ද යන ඉල්ලීමයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article