More

    කබීර් හෂීම් අමාරුවේ වැටිලා

    Must read

    මෙතෙක් දින වකවානු තීරණය නොවූවද එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා පක්ෂය සූදානම් කිරීම සඳහා විවිධ ප්‍රදේශවලට යන එජාප මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතාට පාක්ෂිකයන් එල්ල කරන ප්‍රශ්න හා නඟන චෝදනා හේතුවෙන් හෙතෙම බලවත් අසීරුතාවට පත්ව සිටින බව අනාවරණය වෙයි.

    සහල්, පොල් ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යවල මිල ඉහළයෑම, රජය බලයට පත්ව වසර දෙකක් ගතව තිබියදීත් දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට වන්දි ලබානොදීම, වසර 20කට අධික කාලයක් පාක්ෂිකයන්ගේ දරුවන්ට රැකියා ලබාගත නොහැකිවීම මෙන්ම බැඳුම්කර මගඩිවලට සම්බන්ධ හිටපු ඇමැතිවරයකු සම්බන්ධයෙන් නීතිමය පියවර නොගැනීම ඇතුළු දහසකුත් එකක් ප්‍රශ්න පාක්ෂිකයන් විසින් එල්ල කිරීම නිසා පක්ෂ ලේකම්වරයාට ඔවුන් නිහඬ කිරීම දුෂ්කර කාර්යයක් වී තිබෙන බව වාර්තා වේ.

    අනුරාධපුර, මහනුවර, ගම්පහ ඇතුළු දිස්ත්‍රික් ගණනාවකදී මේ තත්ත්වය උද්ගත වූ විට “පොඩ්ඩක් ඉවසන්න, ඉදිරියේදී ඔය හැම ප්‍රශ්නයකටම විසඳුම් දෙනවා” යැයි පක්ෂ මහ ලේකම්වරයා පිළිතුරු දුන් විට “අපේ පාක්ෂිකයන් දැන් පක්ෂයෙන් බැහැර වෙලා, කිසිම ප්‍රශ්නයකට විසඳුම් නැහැ. අපි අවුරුදු 20ක් දුක් විඳිනවා. සර් පොඩ්ඩක් ඉවසන්න කීවට ඡන්දෙන් යූ.ඇන්.පී.ය පැරදුණාම ආයෙත් අවුරුදු 25කවත් අපට ගොඩ එන්න ලැබෙන්නේ නැහැ” යි පාක්ෂිකයන් අදෝනා නඟන විට මහ ලේකම්ට පිළිතුරු දීමට අපහසු තත්ත්වයක් බොහෝ විට ඉස්මතුව තිබෙන බවද වාර්තා වෙයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව