More

    තලතාට දෙන්නේ මාස හයයි.

    Must read

    නෛතික කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය කටයුතු පිලිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාව විසින් සකස් කරන ලද අපරාධ යුක්තිය පසිඳලීම කඩිනමින් හා කාර්යක්‍ෂමව සිදුකිරීමට අදාළ නිර්දේශ පිලිබඳ වාර්තාව එම කාරක සභාවේ සභික නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණි.

    මාස හයක් තුළ යුක්තිය පසිඳලීම කඩිනමින් හා කාර්යක්‍ෂමව සිදුකිරීමට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිවරයා අධිකරණ ඇමැතිනියට මෙහිදී නියෝග කරන ලදී. අධිකරණ කේෂ්ත්‍රයේ පවතින දීර්ඝ කාලීන ගැටළු පිළිබඳව දැඩි ලෙස ජනාධිපතිතුමාගේ අවධානයට යොමුවිය.අධිකරණ පද්ධතිය තුළ ඉදිරියේදී සිදුකිරීමට අපේක්‍ෂා කරන සැලසුම් සම්බන්ධයෙන් අධිකරණ ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය කරුණු පැහැදිලි කරන ලදී.

    මෙම අවස්ථාවට කාරක සභාවේ සභිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් සහ අධිකරණ ඇමතිනී තලතා අතුකෝරළ,නියෝජ්‍ය අමාත්‍යවරුන් වන දුෂ්මන්ත මිත්‍රපාල,කරූ පරණවිතාන,වැඩබලන මුදල් අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න යන මහත්ම මහත්මීන් සහ නීතිපති ජයන්ත ජයසූරිය,අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න,අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්,මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව