More

    “මා දන්නේ නෑ”, “මං හඳුනන්නේ නෑ”, “මට මුණගැසී නෑ”

    Must read

    “ආර්. කේ.” හෝ “ඒ. එම්.” යනු කවුරුන්දැයි තමා නොදන්නා බව පෙරේදා (17දා) කොමිසම හමුවේ දිගින් දිගටම කියාගෙන ගිය අර්ජුන් ඇලෝසියස්ගේ පෞද්ගලික සහකාරවරයාගේ මුවින් හදිසියේම “ආර්. කේ.” යනු රවි කරුණානායක බව කියැවිණි.
    තවත් විටෙක තම හාම්පුතාගේ නිවෙසේ සිටින අර්ජුන මහේන්ද්‍රන් හඳුනන්නේ නැතැයි කී ඔහුට අර්ජුන මහේන්ද්‍රන්ගේ දියණිය අංජලී මහේන්ද්‍රන් ගැන දන්නා බව ඉබේටම කියැවුණේය.

    ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා විසින් දිගින් දිගටම ප්‍රශ්න නඟද්දී ඔහුගේ මුවින් එම වදන් නික්මිණි.
    තමා “පට්ටපල් බොරුකාරයෙක්” බව දැන් තමාටම පිළිගන්න වෙනවා නොවේදැයි ආචාර්ය අවන්ති පෙරේරා සාක්ෂිකාර ස්ටීව් සැමුවෙල්ගෙන් අවසානයේ විමසද්දී ඔහුට නිරුත්තරව සිටීමට සිදුවිය.

    පුරා පැයක තරම් කාලයක් තිස්සේ ඔහුගෙන් විමසන ලද හැම කරුණකටම පාහේ ඔහුගෙන් ලැබුණේ “මා දන්නේ නෑ”, “මං හඳුනන්නේ නෑ”, “මට මුණගැසී නෑ” යනාදී පිළිතුරුය.

    ගෙදර දොරේ කටයුතු මිස ලියකියවිලි පිළිබඳ වැඩ හෝ බිස්නස්වලට අදාළ කටයුතු ගැන තමාගේ කිසිදු සම්බන්ධතාවක් නැති බව පැවසූ සාක්ෂිකරුගෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය විමසා සිටියේ, හොඳයි එහෙනම් තමා ගෙදර ‍දොරේ වැඩ කටයුතු සිදු කරන්නේ ගෙදර ඉන්න අය ගෙදරින් පිටව ගිය වෙලාවට පමණක්ද යන්නය.
    (එයට පිළිතුරක් දීමට ඔහු අපොහොසත් විය.)

    ඔහුගේ සාක්ෂියෙන් අනතුරුව සාක්ෂි ලබාදීම සඳහා කැඳවන ලද්දේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන ප්‍රාථමික ගැනුම්කරණ අංශයේ සහකාර අධ්‍යක්ෂ සී. ඒ. සීමන් මහතාය.
    ඔහු වෙත කොමිසම හමුවේ සලකුණු කොට ඇති ලියකියවිලි රාශියක් ඉදිරිපත් කරමින් ඒවා තහවුරු කර ගනු ලැබීම සිදුවිය.
    කොමිසමේ සාක්ෂි විභාගය එම සාක්ෂියත් සමඟම අවසන් විය.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව