More

    ව්‍යවස්ථා සංශෝධනය කරනවාමයි. අලුත් මැතිවරණ ක්‍රමයක් පාර්ලිමේන්තුවට ගේනවාමයි. මනාප ක්‍රමය නැතිව, බලය බෙදනවාමයි.

    Must read

    විමල් වීරවංශ මහත්තයා කියනවා පාර්ලිමේන්තුවට බෝම්බ දාන්න ඕනලු. පාර්ලිමේන්තුවට බෝම්බ දානවා කියන එකේ තේරුම ජනතාවට බෝම්බ දාන එක. වීරවංශ මහත්තයා පාර්ලිමේන්තුවට බෝම්බ දාන බව කියද්දි අපේම පක්ෂයේ සමහර මන්ත්‍රිවරු අත්පුඩි ගහනවා අපි දැක්කා. එතන ඉඳගෙන මට ලැජ්ජා හිතුණා.
    ඒ වගේම මට දුක හිතුණා. බණ්ඩාරනායක මහත්තයා හදපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න හදපු පක්ෂයක් නෙමෙයි, යැයි මහා මාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා බදුල්ලේදී පැවැති පාක්ෂික හමුවකදි පැවැසීය.
    ඒ මහතා මෙසේද පැවැසීය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපිට ඕන අලුත් පාටක් නෙවෙයි. අලුත් ලකුණක් නෙවෙයි. අලුත් පක්ෂයක් නෙවෙයි. අපිට ඕන නිල් පාට. ඒ වගේම අත ලකුණ සහිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට අවශ්‍ය බව කියන්න කැමැතියි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟි කරන්න මේ එන සුමානේ ජනාධිපතිතුමා සූදානම්. ඒකාබද්ධ විපක්ෂයේ සමහර පිරිස් පක්ෂයේ බෝඩ් එක පෙන්නමින් වෙන පක්ෂ හදනවා. නොවැම්බර් මාසයේ මුල් සතියේ එවැනි කටයුතු කරන අයට ජනාධිපතිතුමා හමුවන ලෙස දන්වලා තියෙනවා. ඒ වගේම ඒ හමුවේදී පළාත් පාලන ඡන්දයට අපි එකතු වෙලා වැඩ කරන්න සාකච්ඡා කරනවා.

    මංගල සමරවීර මැතිතුමා වැනි අය පක්ෂයෙන් නෙරපනකොට අපි විනය පරීක්ෂණ හෝ සාකච්ඡා කිරීම් කළේ නැහැ. නමුත් වර්තමාන ජනාධිපතිතුමා පක්ෂයේ සමඟිය වෙනුවෙන් නැවත වාරයක් ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න ආදරණීය මන්ත්‍රිතුමාලට ලබා දෙන්න තීරණය කරල තියෙනවා. සමඟියට බාධාව තියෙන්නේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගේ පැත්තෙන් නෙමෙයි. සමඟියට බාධාව තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න සුළුතරයගෙන්. ඒ සුළුතරයත් අපේ මනාපවලින් අපේ ඡන්දවලින් ගිය විමල් වීරවංශ මහත්තයා වගේ අයගේ පක්ෂවල ලණු කාලා ඉන්නේ. විමල් වීරවංශ කියන දේම තමයි අද, ශිවාජිලිංගම් උතුරේ කියන්නේ. එයත් කියනවා පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕන කියලා. එදා කොටි සංවිධානය කියපු දේ තමයි විමල් වීරවංශ ටීවී එකේ කිව්වේ. ඒ නිසා අන්තවාදයට ජාතිවාදයට ආගම්වාදයට උතුරද දකුණද කියල වෙනසක් නැහැ. සරමක් ඇඳගෙන ඔළුවෙන් හිටගත්තොත් හෙලුව පේනවා. එදා විමල් වීරවංශගේ කතාවට අත්පුඩි ගහපු අයගෙත් අපි හෙලුව දැක්කා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙනකම් අපි පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවේ ඒකීය කියන වචනය අයින් කරන්න දෙන්නෙත් නැහැ. බුදු දහමේ තියෙන තැන නැති කරන්න දෙන්නෙත් නැහැ.

    නමුත් ව්‍යවස්ථා සංශෝධනය කරනවාමයි. අලුත් මැතිවරණ ක්‍රමයක් පාර්ලිමේන්තුවට ගේනවාමයි. මනාප ක්‍රමය නැතිව, බලය බෙදනවාමයි. ඒකේ දෙකක් නැහැ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව