More

    සයිටම් වෙනුවෙන් දුන් විසඳුම ආණ්ඩුවේ ඇස් බැන්දුමක්

    Must read

    ආණ්ඩුව සයිටම් වෙනුවෙන් ලබා දුන් විසඳුම ආණ්ඩුවේ ඇස් බැන්දුම් විසඳුම් මාලාවේ තවත් එක් විසඳුමක් විනා කිසිවකු බලාපොරොත්තු වූ විසඳුමක් නොවන බව දකුණු පළාත් සභා මන්ත්‍රි බද්දේගම සමිත හිමියන් පවසයි.

    ඊයේ (30දා) බද්දේගම ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවැසූහ.දැන් මේ සයිටම් එක නෙවිල් ප්‍රනාන්දුට තිබුණා කියලා කාටවත් ප්‍රශ්නයක් තිබුණේ නෑ. කවුරුවත් උද්ඝෝෂණ කළේ නෑ නෙවිල් ප්‍රනාන්දුගේ අයිතිය නැති කරන්න කියලා. මේක නෙවිල් ප්‍රනාන්දුගෙන් ඉවත් කරලා වෙන කෙනකුට දීමේ ඇස් බැන්දුමක් තමයි කෙරේ. ඒ ඇස් බැන්දුමෙන් නිදහස් අධ්‍යාපනයේ අයිතිය සුරැකෙන්නේ නෑ. ප්‍රමිතිගත වෛද්‍යවරුන් රටට බිහි වෙන්නේ නෑ. මේ විසඳුම යන්නේ කොහේද මල්ලේ පොල් කියන ඒකටත් වඩා එහා ගිය ජාතියේ විසඳුමක්.

    අවුරුදු එකහමාරක පමණ කාලයක් සටන් කෙළේ මේ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය ගැන. එයින් පිටවන උපාධිධාරීන් ගේ දැනුම සහ හැකියාව මැනීමේ පොදු ක්‍රමවේදයක් නොමැති වීම යන කරුණු ඒ ප්‍රශ්න දෙකටම මේ දීපු විසඳුම ඇතුළේ උත්තර නෑ. ලංකාවේ මිනිස්සු කොණ්ඩේ බඳින චීන්නු කියලා හිතලද දන්නේ නෑ මේ වගේ තීන්දු අරගන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article