More

    මහින්ද ලෑස්තියි – ෆයිසර් තාම ගැසට් එක මුද්‍රණයට යවලා නෑ

    Must read

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන වසරේ ජනවාරි 20  වන දින සිට ජනවාරි 31 වන දින අතරතුර ඉරිදා දිනයක් හෝ රජයේ නිවාඩු දිනයක් නොවන දිනයක පැවැත්වීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

    නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපිය මහතා සඳහන් කළේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වරයා විසින් පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව දැක්වෙන  ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව දන්වා ඇති හෙයින් අදාළ දින වලදී ඡන්දය පැවැත්වීමට හැකියාව පවතින බවයි.

    ඒ අනුව ලබන 27 වන දිනයෙන් ආරම්භ වන සතිය තුළදී නාමයෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර තිබෙනවා.

    බොහෝ දුරට දෙසැම්බර් මස 11 සිට 20 දක්වා කාල සීමාව තුළ නාමයෝජනා කැඳවීම සිදුවනු ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රය මහතා පෙන්වාදෙන්නේ.

    නාමයෝජනා භාරදීම සඳහා දින තුනහමාරක පමණ කාලයක් ලබාදීමට නියමිතයි.

    ඡන්ද විමසීමේ දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ හැක්කේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 38 වන වගන්තියට අනුව ඡන්ද විමසීම් පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව බවයි මැතිවරණ කොමිෂන් සභාව පෙන්වාදෙන්නේ.

    කෙසේවෙතත් නාමයෝජනා පිළිබඳව දැන්වීම් පළ කරනු ලබන දිනය, නාමයෝජනා කාලය හා ඡන්ද පැවැත්වෙන දිනය නිශ්චිත වශයෙන් නම් කිරීම, ඉදිරි දින වලදී පවත්වනු ලබන මැතිවරණ කොමිසමේ රැස්වීම් වලදී තීරණය කරන බව මහින්ද දේශප්‍රය මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

    කෙසේවෙතත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ පාලාත් පාලන සභික සංඛාව දැක්වෙන ගැසට් නිවේදනය මෙතෙක් සිය දෙපාර්තමේන්තුව වෙත ලැබී නොමැති බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article