More

    ගීතාගෙන් දඩ අයකරගන්න නීතිපති නඩු දාන්න යයි

    Must read

    මන්ත්‍රී ධුරය අහිමි වූ ගීතා කුමාරසිංහ මහත්මියගෙන් පාර්ලිමේන්තුවට අය විය යුතු දඩ මුදල ලබාගැනීමට නීතිපතිවරයා කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරීමට යයි.
    මන්ත්‍රිවරිය පාර්ලිමේන්තුවේ අසුන්ගත් හෝ ඡන්දය පාවිච්චි කළ එක් එක් දවසකට රුපියල් 500 බැගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 100 ව්‍යවස්ථාව යටතේ අය කළ යුතුව ඇතැයි සඳහන් වේ.

    ඒ අනුව අදාළ දඩ මුදල අය කර ගැනීම සඳහා නීතිපතිවරයා කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරීමට යන බව නීතිපති ආරංචි මාර්ග සඳහන් කරයි.
    ද්විත්ව පුරවැසිභාවයක් තිබෙන බැවින් ගාල්ල දිසා එ.ජ.නි. මන්ත්‍රිනි ගීතා කුමාරසිංහට මන්ත්‍රි ධුරයක් දැරීමට නිසුදුසු බව ශේෂ්ඨාධිකරණය ඉකුත් 02 වැනිදා තීන්දු කළේය. මෙම තීන්දුවද පාර්ලිමේන්තුවට ලැබීමට නියමිතව තිබිණි.

    එම තීන්දුව ලද පසුව ඒ අනුව මන්ත්‍රි ධුරයක් හිස්ව ඇතැයි පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමසාරිස්ට දන්වනු ලැබූ බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article