More

    ආණ්ඩුවේ ඇමැතිවරුන් 5ක් ඒකාබද්ධයට එක්වීමේ සූදානමක්

    Must read

    පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ආණ්ඩුවේ සිටින ඇමැතිවරුන් පස්දෙනකු විපක්ෂයට එක්වීමේ සූදානමක් ඇතැයි ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග පවසයි.

    මේ අතර ප්‍රධාන ඇමැතිවරුන් දෙදෙනකු හා නියෝජ්‍ය ඇමැතිවරුන් තිදෙනකු සිටින බවද සඳහන් කරයි.
    මෙම ඇමැතිවරුන් පස්දෙනාම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ආණ්ඩුවට එක්වූ අය බවද සඳහන් වෙයි.
    ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කලකිරී සිටින මෙම ඇමැතිවරුන් හා ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානීන් අතර මේ දිනවල සාකච්ඡා පවතින අතර එහිදී තීරණය වී ඇත්තේ පළාත් පාලන මැතිවරණය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව විපක්ෂයට එක්වීමටයි.

    එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ මැතිවරණය ප්‍රකාශ කිරීමත් සමඟ ඇමැතිවරුන් දෙදෙනාත් මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීමත් සමඟ නියෝජ්‍ය ඇමැතිවරුන් තිදෙනාත් විපක්ෂයට එක්වීමට නියමිත බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article