More

    ශ්‍රීලනිපය ජන්දයට අත වෙනුවට පුටුවෙන් එන සූදානමක්

    Must read

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1994දී මහ මැතිවරණයට තරග කළ පුටුව ලකුණින්ම මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට සාකච්ජා ආරම්භ කර තිඛෙනවා.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කැඩී ගොස් සිටින ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම සමග එම සන්ධානයේ මහ ‍ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර හා නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් කරණ ලද සාකච්ඡාවේදී ඉහත යෝජනාව ඉදිරිපත්ව ඇතැයි සදහන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හවුල්කාර අනෙක් පක්ෂ සමග ‍පොදුජන එක්සත් පෙරමුණෙන් අවසන් වරට තරග කර ඇත්තේ 2004 වර්ෂයේදීයි.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කැඩී ගිය පක්ෂ සමග සාකච්ඡා කරන ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමට මහනුවර හා රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරු දෙපළක්ද සක්‍රියව සම්බන්ධව සිටින බව සදහන්.
    මේ සාකච්ඡාවන්හි ප්‍රතිඵල මහින්ද අමරවීර මහතා හා ලසන්ත අලගියවන්න යන මහත්වරුන් විසින් ලබන සතියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී දැනුම් දීමට ද නියමිතව තිඛෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article