More

    පුංචි ඡන්දය ජනවාරි 25-31 අතර – මැ.කො. සභාපති කියයි – මැච් එක දැන් මගෙ අතේ

    Must read

    පළාත් පාලන මැතිවරණය ජනවාරි මස 25 වැනිදාත් 31 වැනිදාත් අතර දිනකදී පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

    පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව ඇතුළත් භාෂා තුනේම ගැසට්‌ නිවේදන තමාට අද (13දා) දිනයේදී ලැබීමට නියමිත බවද ඒ අනුව අද සිට දින 80 ක්‌ ඇතුළත ඡන්ද විමසීම සිදුකරන බවද ඒ මහතා කියා සිටියේය.

    දැන් බෝලය තියෙන්නේ මගේ අතේ “ප්ලේ” කියලා සෙල්ලම් පටන් ගන්න විතරයි තියෙන්නේ. ටිකට්‌ විකුණලත් ඉවරයි. බෝලත් හරි බැට්‌ එකත් හරි දැන් අම්පයර්ලා පිටිය පරීක්‌ෂා කරනවා. බලමු කොයි මොහොතෙද ස්‌ටාට්‌ එක කියලා යැයිද මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය.

    මේ අතර පළාත් පාලන මැතිවරණය පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිසම එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 17 වැනිදා රැස්‌වීමට නියමිතය.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article