More

    නාමල් – හරීන් ඇතුළු මන්ත්‍රීවරු 41ක් දුරකථන ඇමතුම් අරන්

    Must read

    අමාත්‍ය හරීන් ප්‍රනාන්දු,පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 41 දෙනෙකු අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවට කොමිසමට මේවන විට අනාවරණය වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළිකරයි.

    බැදුම්කර වංචාව ගැන විමර්ශනය කළ අවධියේ කෝප් කමිටුවේ සාමාජිකයින් 5 දෙනෙකු අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවට බැදුම්කර කොමිසමේදී ඊයේ අනාවරණය විය.

    ඊට අදාළ දුරකථන සංවාද ලේඛණයක් නීතිපති දෙපාර්තමේන්තුව කොමිසමට ඉදිරිපත් කරනු ලැබිණි.

    ඒ අනුව අමාත්‍ය දයාසිරි ජයසේකර,රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ,නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි සහ හර්ෂණ රාජකරුණා මෙලෙස අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සබදතා පවත්වා ඇති බව එමගින් නීතිපති දෙපාර්තමේන්තුව හෙළි කර ඇත.

     

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article