More

    එජාපය නගරාධිපති,සභාපති ධූර විවෘත කරයි.

    Must read

    මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශිය සභා ඇතුළත් පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පෙරමුණ අලියා ලකුණින් තරඟ කිරිම සඳහා නාම යෝජනා භාරදිම අද 20 සහ හෙට 21 යන දෙදින තුළ අවසන් කෙරේ. උතුරු නැගෙනහිර පළාත් ඇතුළුව දිවයිනේ සියළුම පළාත් පාලන ආයතන සඳහා එක් ලකුණක් යටතේ නාම යෝජනා ඉදිරිපත් කරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂය පමණි.

    එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාරදි පුරපති අපේක්ෂකත්වය නම් කරනු ලබන්නේ කොළඹ මහ නගර සභාවට පමණි.

    හිටපු ඇමතිනි රෝසි සේනානායක මහත්මිය කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි අපේක්ෂිකාව ලෙස නම් කෙරෙන අතර අනෙකුත් සියළුම මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශිය සභාවල නගරාධිපතිවරු, උප නගරාධිපතිවරු හා සභාපතිවරු යන තනතුරු විවෘතව තබනු ලබයි.

    මීට පෙර පැවැති පළාත් පාලන මැතිවරණවලදි මහනගර සභා, බොහෝමයක පුරපතිධූර අපේක්ෂකයින් ප්‍රකාශයට පත් කිරිමට එක්සත් ජාතික පක්ෂය පියවර ගනු ලැබිණ.

    පක්ෂයේ ඊළග පරම්පරාවට ඉදිරියට ඒමට සලසා දෙන වැදගත් පියවරක් ලෙස සලකා මෙවර පළාත් පාලන මැතිවරණයේදි අනෙකුත් පළාත් පාලන ආයතනවල තනතුරු නම් නොකරන බව සභානායක, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා කීවේය.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව