More

    වෙල්ගමගෙන් ඩිලාන්ට අභියෝගයක්.

    Must read

    කාඩ් කුට්ටමේ ජෝකර් කොළ නමින් කිසිම වැඩකට නැති කොළ දෙකක් ඇතැයිද ඩිලාන් පෙරේරාද කාඩ් කුට්ටමේ ජෝකර් වගේ යැයිද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා පවසයි. ඒ මහතා මෙසේ පැවැසුවේ මෙවර පළාත් පාලන මැතිවරණය නිමිත්තෙන් හාලිඇළ කිරින්ද ප්‍රදේශයේදී පසුගියදා පැවැති ජනහමුවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    එහිදී ඒ මහතා මෙසේද පැවැසීය.

    ඩිලාන් කියන්නේ කාඩ් කුට්ටමේ ජෝකර් වගේ කෙනෙක්. කාඩ් කුට්ටමේ ආසියා – හේරා – පොරෝ – බූරු ඔක්කොම ඉඳිද්දි වැඩකට නැති කොළ දෙකක් තියෙනවා. ඒ ජෝකර්ලා. ඩිලානුත් ඒ ජෝකර් වගේ. හැමදාම කරන්නේ ආණ්ඩුවේ නායකයන්ට කියාගන්න බැරි දේවල් ජනතාව ඉදිරියේ කියන එකයි. එයා ඡන්දයක් ඉල්ලලා කවදාවත් පාර්ලිමේන්තුවට එන්න බැරි කෙනෙක්. එයා එක්ක මට තරගයක් නෑ. මම ඩිලාන් පෙරේරාට අභියෝග කරනවා පුළුවන් නම් ඊළඟ ඡන්දෙදි චිට් එකෙන් එන්නේ නැතිව තරග කරලා දිනන්න කියලා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව