More

    ඒකාබද්ධය දෙකට බෙදෙයි

    Must read

    අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද මැති ඇමතිවරු අත්සන් තැබිමකින් තොරව විශ්වාසභංගය භාර නොදිය යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් එහි නායක වෙත ඊයේ පෙන්වා දී තිබේ. විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට ප්‍රථම ඊට සහාය දක්වන එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුද මේ සඳහා අත්සන් කළ යුතු බවද ඔවුන් පෙන්වා දි ඇත.

    ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ කමිටු කමර අංක 04 දි රැස්වූ අවස්ථාවේදි මෙම මන්ත්‍රීවරුන් පිරිස ඒකාබද්ධයේ පක්ෂ නායකයන් වෙත පෙන්වා දි ඇත්තේ එසේ නොවුනහොත් මෙම විශ්වාසභංග යෝජනාවෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙනු ඇති බවය.

    ප්‍රසන්න රණතුංග, කුමාර වෙල්ගම, රමේෂ් පතිරණ, නිමල් ලන්සා යන මන්ත්‍රීවරුන් මෙම අදහසට පක්ෂව අදහස් දක්වා තිබේ. ඩලස් අලහප් පෙරුම, මහින්දානන්ද අලූත්ගමගේ, උදය ගම්මන්පිළ ඇතුළු අනෙක් මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත්තේ එම පක්ෂ දෙකෙහි මැති ඇමතිවරුන්ගේ අත්සන් විශ්වාසභංගය ඉදිරිපත් කිරිමේදි අවශ්‍ය නොවන බවය.

    පක්ෂ දෙකෙහි මැතිඇමතිවරුන්ට විශ්වාසභංග යෝජනාව අත්සන් තැබීමේදි ගැටලූ මතුවිය හැකි බැවින් එසේ අත්සන් තැබිම අනිවාර්ය නොවන බැවින් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදි ඡන්ද විමසිමකට ලක් කිරිමේදි ඔවුන්ගේ සහාය ලබා ගැනිම ප්‍රමාණවත් බවත් ඔවුන් පෙන්වා දි ඇත.

    අවසානයේ මන්ත්‍රීවරුන් සියලූ දෙනා තිරණය කර ඇත්තේ කුමන ආකාරයකින් හෝ අගමැතිට එරෙහි විශ්වාසභංගය කඩිනමින් ගෙන ආ යුතු බවයැයි පක්ෂයේ මන්ත්‍රීවරයෙකු කීවේය.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව