More

    මෛත්‍රීගේ සහය රනිල්ට

    Must read

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමැති ධූරය දරණ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ තිබෙන ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම වහාම ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යංශය යටතට පවරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

    මෙම කටයුත්ත හදිසියේම ජනාධිපතිවරයා විසින් සිදුකළේ විශ්වාසභංග විවාදය දිනයේ අදාළ විවාදයට විෂය භාර අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා වගවීමෙන් ගැලවීමේ අරමුණින් බව ඒකාබද්ධ විපක්‍ෂය පවසයි.

    එමෙන්ම අග්‍රාමාත්‍යවරයාගෙන් මහ බැංකුව ඉවත් කරන ලෙස ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම මේ වනවිට ඉටුවී ඇති බැවින් ඔවුන්ට අග්‍රාමාත්‍යවරයාට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කිරීමේ ගැටළුවක් ඇති නොවන බවයි.

    මෙම ආයතන දෙක මුදල් අමාත්‍යංශය යටතේ පැවැති ආයතන දෙකක් වන අතර 2015 අගෝස්තු මාසයේ සිට ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතට පත් කරනු ලැබ තිබිණි.

    කෙසේ වෙතත්  යළිත් ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් එම ආයතන මුදල් අමාත්‍යංශය යටතට පත් කළේය.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article