More

    ටීඑන්ඒ යෝජනා 10 නිසා රනිල් අමාරුවක ?

    Must read

    ‘ටීඑන්ඒ යෝජනා 10 කට අගමැති එකඟ වුණා’ – මන්ත්‍රී අඩෛකලනාදන් 
    විශ්වාසභංග යෝජනාවේදී අගමැතිවරයාට පක්‌ෂව ඡන්දය පාවිච්චි කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ යෝජනා දහයකට අගමැතිවරයා එකඟතාව පළ කළ බව එම සන්ධානයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛකලනාදන් මහතා පැවසී ය.

    එම යෝජනා ඉදිරිපත් කළ විට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතැම් යෝජනාවලට එකග නොවූ අවස්‌ථාවේදී එම සාකච්ඡාවට සහභාගි වී සිටි දෙමළ ජාතික සන්ධානයේ බොහෝ මන්ත්‍රීවරුන්ගෙන් උණුසුම් වචන පවා හුවමාරු වී දැඩිසේ නොසන්සුන් තත්ත්වයක්‌ හටගත් බව ද  අඩෛකලනාදන් මන්ත්‍රීවරයා පැවසී ය.

    කෙසේ නමුත් යෝජනා කීපයක්‌ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්‌ෂේප කළ නමුත් යෝජනා දහයකට එකඟ වූ බව ද  අඩෛකලනාදන් මන්ත්‍රීවරයා තව දුරටත් පවසා සිටියේ ය.

     

    අගමැතිවරයා විසින් දෙමළ ජාතික සන්ධානයට ඉටු කිරීමට පොරොන්දු වී ඇති යෝජනා 10 මෙසේ ය.

    උතුරු නැගෙනහිර ප්‍රශ්නයට කඩිනමින් දේශපාලන විසඳුමක්‌ ලබාදීම,

    යුද හමුදාව විසින් පරිහරණය කරනු ලබන උතුරු නැගෙනහිර වැසියන්ගේ සියලු ඉඩම් ආපසු ලබාදීම,

    උතුරු නැගෙනහිර ජනතාවගේ අයිතිවාසිකම් සුරක්‌ෂිත කිරීම,

    එම පළාතේ තරුණ තරුණියන්ට සුදුසු රැකියා ලබාදීම,

    උතුරු නැගෙනහිර පළාත්වල රැකියා දීමේදී එම පළාත්වල සුදුසුකම් ඇති අය සිටියදී දකුණේ අයට උතුරු හා නැගෙනහිර පළාත්වල රැකියා ලබාදීම නතර කිරීම,

    මීළඟ මැතිවරණයකට පෙර නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගැනීම,

    දේශපාලන සිරකරුවන් සියලු දෙනාම පොදු සමාවක්‌ යටතේ නිදහස්‌ කිරීම,

    යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම හා ඔවුන්ගේ පවුල්වලට සාධාරණය ඉටු කිරීම,

    උතුරු නැගෙනහිර ප්‍රධාන දිස්‌ත්‍රික්‌ක අට සඳහා දිස්‌ත්‍රික්‌ ලේකම්වරුන් ලෙස දෙමළ ජාතිකයන් පත් කිරීම හා උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීමේදී එම පළාත් සභා දෙකේ මන්aත්‍රීවරුන්ගේ මතවලට ගරු කිරීම ද එම පළාත් සභාවල ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය ලබාදීම ද මේ යෝජනා අතර වේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව