More

    ජනතා විමුක්ති පෙරමුණ දෙකට බෙදෙයි

    Must read

    ඊයේ (23) පක්‌ෂ මූලස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්‌ වූ පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උපුල් විඡේසේකර මහතා පවසා සිටියේ,
    ‘විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු ය’ යන යෝජනාව ජනතා විමුක්‌ති පෙරමුණ ඉදිරිපත් කළමුත් එය පිටුපස සිටින්නේ අගමැති රනිල් බව ය.
    තව දුරටත් අදහස් දක්වමින් එතුමා ප්‍රකාශ කර සිටියේ ,
    ශ්‍රී ලංකාවට ඇති එකම ආරක්‌ෂාව විධායක ජනාධිපති ධුරය බවත් එම නිසා තම පක්‌ෂය එය අහෝසි කරනවාට විරුද්ධ බව ය.
    අපට ජනාධිපති සිරිසේන මහතා රකින්න කිසිම උවමනාවක්‌ නෑ. නමුත් මතු පරපුරට රට රැක දෙන්න නම් විධායක ජනාධිපති ධුරය තිබිය යුතුයි.
    රටේ දේපළ පිටරැටියන්ට විකිණීමත්, මහ බැංකු සොරකමටත් විධායක ජනාධිපති ක්‍රමය බාධාවක්‌ වුණා. ඉතිරි අවුරුදු එකහමාරේදී බාධාවකින් තොරව බටහිර න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් තමයි විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න මේ අය කතා කරන්නේ. අපි ඊට විරුද්ධයි.
    ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා වැනි නීති විශාරදයිනුත් ආචාර්ය දයාන් ජයතිලක වැනි දේශපාලන විද්‍යාඥයනුත් විධායක ජනාධිපති ක්‍රමයට පක්‌ෂව දක්‌වන අදහස්‌ සැලකිල්ලට ගන්න කියා අපි රට වැසියන්ට කියනවා.
    2009 සිට මේ දක්‌වා සන්ධානයේ ප්‍රතිපත්තිය වූයේ විධායක ජනාධිපති ධුරය සුරැකීමයි. කිසිම සාකච්ඡාවකින් තොරව එය අහෝසි කරන්න තීන්දු ගන්න කාටවත් අයිතියක්‌ නෑ. මේ පිළිබඳව ඒකාබද්ධ විපක්‌ෂය තුළත් රට තුළත් විද්වත් සංවාදයක්‌ ඇති කළ යුතුයි. අපි යළිත් කියනවා මේක රනිල්ගේ ගැටයක්‌. ඒකට අහුවෙන්න එපා.
    මෙහිදී කතා කළ පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා පවසා සිටියේ,
    රනිල්ට එරෙහි විශ්වාසභංගය බෝම්බයක්‌ නෙවෙයි පොකුරු බෝම්බයක්‌. විශ්වාසභංගයෙන් රනිල් දිනුවා කියා උදම් ඇනුවාට යූ. එන්. පී. යට පාර්ලිමේන්තුවේ තිබුණු තුනෙන් දෙක නැතිව ගියා. ශ්‍රීලනිපයේ 16 දෙනාගේ පිපිරීම නව එකක්‌.
    කවුරුත් නොදන්නවා වුණාට විශ්වාසභංගය නිසා ජනතා විමුක්‌ති පෙරමුණත් අනුර කුමාරගේ පිල සහ ලාල් කාන්තගේ පිල වශයෙන් දෙකට බෙදුණා. සාමාන්‍ය ජනතාවට එය රහසක්‌ වුණාට දේශපාලන ලෝකය ඒක දන්නවා. ඒක පොකුරු බෝම්බයක්‌ කීවේ ඒ නිසයි.

     

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව