More

    කෝප් කමිටුව පිරිසිදු වෙන්න ඕන හැටි.

    Must read

    පොදු ව්‍යාපාර කාරක සභාවේ සිටිමින් මහබැංකු බැදුම්කර ගණුදෙනුවට අදාළ ආයතනයේ ප්‍රධානියා සමඟ දුරකතන සංවාදයේ යෙදුනු මන්ත්‍රීවරුන් එහි සාමාජිකයන් ලෙස යළි පත්විම සදාචාර සම්පන්න නොවන බව විපක්ෂයේ සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදි අද ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු සැසිවාරය යළි කැදවිමෙන් පසු පත් කෙරුණු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවට සාමාජිකයන් පත් කිරිම ගැන ඇතිවූ විවාදයේදි සංවිධායකවරයා මේ බව කීය.

    කොප් කමිටු සාමාජිකයන් පත් කිරිම ගැන රිති ප්‍රශ්නයක් මතු කළ බන්දුල ගුණවර්ධන මහතා – රාජ්‍ය ගිණුම් කාරක සභාව හා කෝප් කමිටුව පාර්ලිමේන්තුව කල් තැබිමත් සමඟ අහෝසි වුනා. ජනාධිපතිතුමා යළි පාර්ලිමේන්තුව කැදවිමෙන් පසු කාරක සභා පත් කරද්දි හිටපු අයම පත් කරන්නේ නැහැ. එහෙම සම්ප්‍රදායක් නැහැ. අලූතින් පත් කරන්න ඕනේ. මේක ඉතාම වැදගත් කාරක සභා දෙකක් නිසා අලූතෙන් අය පත් කරන්න අවස්ථාව දෙන්න.

    කතානායක කරු ජයසූරිය මහතා – පක්ෂ නායක රැස්විමේදි මම මේ ගැන විමසුවාම හිටපු අයම පත් කරන්න යෝජනා වුනා. මොකද නැතිනම් මේ කාරක සභා පත් කරන්න තවත් කාලයක් ගත වෙනවා. මේ නිසා තමයි සියලූ දෙනා එකඟ වුනේ හිටපු අයම පත් කරනවා කියලා. අවශ්‍ය සංශෝධන කරන්න ඉඩ තියලා තමයි මේ තිරණයට පැමිණියේ.

    මහින්දානන්ද අලූත්ගමගේ මහතා – ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි ඔබතුමාට ලිපියක් බාර දුන්නා කෝප් කමිටුවට පත් කළ සාමාජිකයන් ගැන. බැදුම්කර ගණුදෙනුව පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ චොදනා එල්ල වුන මන්ත්‍රීවරුන් කෝප් කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කරලා තියෙනවා. අපි ඉල්ලා සිටියා මෙවැනි පිරිසක් පත් කරන්න එපා කියලා. ඔබතුමාත් එහි ගැටලූවක් පවතින බව පිළිගත්තා. පක්ෂ නායකයන්ට දැනුම් දෙන බව ඔබතුමා කිව්වා. එහෙම දැනුම් දුන්නාද එහි ප්‍රගතිය මොකක්ද?

    කතානායක – මට ආණ්ඩු පක්ෂයෙන් දැනුම් දුන්නේ මේ අයට චෝදනා එල්ල වුනාට ඒවා ඔප්පු වෙලා නැහැ කියලායි. චෝදනා එල්ල වු අය ඕනතරම් පාර්ලිමේන්තුවේ සිටින නිසා එය කළ නොහැකි බව තමයි ආණ්ඩු පක්ෂය මට දැනුම් දුන්නේ. ඒ නිසා මට ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න බැහැ.

    අනුර දිසානායක මහතා – කෝප් කමිටුව විවාධ ආයතන ගැන ස්වාධිනව පරික්ෂා කරන තැනක්. පසුගිය කාලයේ ඒ ඒ ආයතනවලට චෝදනා එල්ල වී පරික්ෂා කරද්දි ඊට සම්බන්ධ මැති ඇමතිවරුන් කෝප් කමිටුවේ හිටියා. නමුත් මෙතන තත්ත්වය වෙනස් කෝප් කමිටුව පරික්ෂණ කරද්දි තමයි සාමාජික මන්ත්‍රීවරු පරික්ෂණයට භාජනය බැදුම්කර ගණුදෙනුවට සම්බන්ධ පර්පචුවල් ආයතනයේ ඇලෝසියස් සමඟ දුරකතන සංවාද පවත්වන්නේ. ඒ නිසා මේ මන්ත්‍රීවරු සාමාජිකයන් ලෙස රැදි සිටිම සදාචාරාත්මක නැහැ. කෝප් කමිටුව පිරිසිදු සාමාජිකයන් සිටින තැනක් විය යුතුයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article