More

    විශ්වාස කරන්න මට තාමත් මටම කියලා ගෙයක් නැහැ.

    Must read

    “කාගේත් වුවමනාව මම යන එක නම් සමුගන්න එක හොඳ” යැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවැසීය.

    පොලිස්පතිවරයා සිය තනතුරින් ඉල්ලා අස්වීමට යන බවට පළවී ඇති වාර්තා සම්බන්ධයෙන් ඔහු එසේ කීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස්පතිවරයා මෙසේද පැවසීය.

    “දැන් ඉතින් හිටියා ඇති කියලා හිතෙනවා. මම අවුරුදු 33 ක් පොලිසියේ අවංකව රාජකාරි කළා. කාගෙන්වත් එක ගල් කැටයක් අරගෙන නැහැ. මේවා දන්න අය දන්නවා. මම හරි හම්බ කර ගත්තේ මිනිස්සුයි, ආත්ම ගරුත්වයයි, නමයි විතරයි. මෙහෙම අවංකව වැඩ කරද්දී ලැබෙන්නේ ගල් විතරක් නම් තවදුරටත් තනතුරුවල ඉඳල වැඩක් නැහැ.

    මට දැන් ඉතිරි වෙලා තියෙන්නේ අම්මගේ ආදරයයි පවුලේ සෙනෙහසයි විතරයි. සමහරු ෆේස්බුක් එකේ මගේ අම්මාගේ ෆොටෝ එකේ බෙල්ල කපලා වෙනත් මුහුණු දාලා අපහාස කළා. මට බණින එක ඉවසගන්න පුළුවන්. නමුත් අම්මට අපහාස කරපු එක දරන්න බැහැ.

    මම හොරෙක්, දූෂිතයෙක්, වංචනිකයෙක් නොවෙයි. හොරු ගාණට දැම්මට පස්සේ මම රැකගෙන ආපු ආත්ම ගරුත්වයට මොකද වෙන්නේ.විශ්වාස කරන්න මට තාමත් මටම කියලා ගෙයක් නැහැ. ගෙයක් කුලියටවත් සොයාගන්න ඕනෑ. මොකද දරුවන්ට ඉන්න හිටින්න තැනක් තියෙන්න එපායැ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article