More

    පසුපෙළ මන්ත්‍රීවරු හෙට ගන්න යන තීරණය.

    Must read

    කුරූණෑගල මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ වෛද්‍ය මොහොමඩ් සාෆි ගේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ පරීක්ෂණය ගැන සෑහීමකට පත් විය නොහැකි නම් පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිටීමට ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු තීරණය කර ඇත.

    ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු ඉහත ඉල්ලීම හෙට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කිරීමට නියමිත අතර ලබන සතියේදී කතානායක කරු ජයසූරිය මහතාගෙන්ද එම ඉල්ලීම කිරීමට නියමිතය.

    ශ්‍රී ලංකා වෛද්‍යවරයෙකු සම්බන්ධ චෝදනාවකදී ඊට අදාළ පරික්ෂණ පොලීසියටත් සෞඛ්‍ය අමාත්‍යාංශයටත් පැවරී තිබෙන තත්ත්වය හමුවේ ඉහත ආයතන කරන පරීක්ෂණවලට සහාය නොදෙන්නේ නම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර කටයුතු කළ යුතු බව පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ.

    පාස්කු ප්‍රහාරය ගැන කරුණු සොයා බැලීමට පත් කළ තේරිම් කාරක සභාව හරහා සමාජයේ පළවූ නොයෙක් අසත්‍ය ප්‍රචාර දුරු කිරීමට හැකිවීම ගැන ද පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශංසාව පළව ඇත

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව