More

    නාලක සිල්වා ලබන සතියේ කුමක් කරයිද?

    Must read

    පාස්කු ප්‍රහාරය ගැන විභාග කරන කමිටුව හමුවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ලබන සතියේ කැදවනු ලබයි.

    හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැදවෙන්නේ මේ වන විට එහි හෙළිව ඇති තොරතුරු පිළිබඳව කරුණු විමසීමටය.

    නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතීත්වයෙන් යුතු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉකුත් බදාදා සාක්ෂි විභාගය ආරම්භ කරනු ලැබීය.

    කතානායක කරු ජයසූරිය හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ගනු ලැබූ තිරණයකට අනුව ඉහත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මාධ්‍යයට විවෘත කරන ලදි.

    පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වූ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ මරාගෙන මැරෙන කණ්ඩායමේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීමට 2018 ජුනි මස 02 දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ වශයෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ගනු ලැබු වරෙන්තුව සහ ඉන් පසුව අනුගමනය කළ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව