More

    අජිත් – සුජීව අද අකිල හමුවෙයිද?

    Must read

    කැබිනට් නොවන අමාත්‍යවරුන් වන අජිත් පී පෙරේරා සහ සුජීව සේනසිංහ යන මහත්වරුන් සඳහා එක්සත් ජාතික පක්‍ෂය විනය ක්‍රියාමාර්ග ගැනීමට අදහස් කර ඇත.

    එබැවින් අද පෙරවරුවේ සිරිකොත පක්‍ෂ මූලස්ථානය වෙත පැමිණෙන ලෙස ඔවුන් වෙත දන්වා ඇතැයි වාර්තා වේ.ඒ පක්‍ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ පක්‍ෂයේ නීති ලේකම් ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර යන මහත්වරුන් හමුවීම සඳහායි.

    එහෙත් අජිත් පී පෙරේරා සහ සුජීව සේනසිංහ යන අමාත්‍යවරුන් වෙත එවැනි දැනුම් දීමක් ලැබී නොමැති බව වාර්තා වන අතර තමන් එවැනි කැඳවීමකට සහභාගී නොවන බවද දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කෙරේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව