More

    මම දේශපාලනයෙන් සමුගැනීමට සූදානම්.

    Must read

    අසීරු සෑම අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කරගත් නායකයා ලෙස එළඹෙන ජනාධිපතිවරණය ජයගත හැකිනම් ඊට ඉදිරිපත්වන බවත් එය කළ නොහැකිනම් පිටව යන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පැවසීය.

    වයස අවරුදු 70 වන තෙක් ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ තනතුරු රැසක් දැරූ තමාට දේශපාලනෙන් විශ්‍රාම ගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවේ යැයිද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කලේ බියගම සහ කැලණිය මැතිවරණ කොට්ඨාශ වල එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම සාමාජික පිරිසක් කොළඹ අරලියගග මන්දිරයේදී අද උදැසන හමුවූ අවස්ථාවේදීය.

    හොඳම පාසල ළඟම පාසල ව්‍යාපෘතිය යටතේ පාසල් ගොඩනැගිලි විවෘත කිරීමේ උත්සව සඳහා මන්නාරමට පිටත්ව
    යාමට පෙරඅසීරු සෑම අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කරගත් නායකයා ලෙස එළඹෙන ජනාධිපතිවරණය ජයගත හැකිනම් ඊට ඉදිරිපත්වන බවත් එය කළ නොහැකිනම් පිටව යන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පැවසීය.

    වයස අවරුදු 70 වන තෙක් ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ තනතුරු රැසක් දැරූ තමාට දේශපාලනෙන් විශ්‍රාම ගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවේ යැයිද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කලේ බියගම සහ කැලණිය මැතිවරණ කොට්ඨාශ වල එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම සාමාජික පිරිසක් කොළඹ අරලියගග මන්දිරයේදී අද උදැසන හමුවූ අවස්ථාවේදීය.

    හොඳම පාසල ළඟම පාසල ව්‍යාපෘතිය යටතේ පාසල් ගොඩනැගිලි විවෘත කිරීමේ උත්සව සඳහා මන්නාරමට පිටත්ව
    යාමට පෙර අරලියගහ මැදුරේදී ඉහත හමුව පැවැත්විණි.

    පක්ෂයේ නායකයන් එකා පිට එකා මැරී වැටෙද්දී පක්‍ෂ නායකත්වය භාර ගනිමින් අසීරුම කාලයේදී ක්‍රියා කළ අකාරය එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම සාමාජිකයන්ට සිහිපත් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය වැටුණු සෑම අවස්ථාවකදීම එය ගොඩගත් ආකාරයද සිහිපත් කර සිටියේය.

    පක්‍ෂ නායක ලෙස පක්ෂයත් පක්ෂයේ මුලිකත්වයෙන් පිහිටුවන සන්ධානයත් දිනවීම සිය යුතුකම බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා එළඹෙන ජනාධිපතිවරණයේදී ඉහත වගකීම ඉටු කළ නොහැකිනම් පිටව යෑම තමාට කිසිඳු ගැටළුවක් නොවේ යැයිද සඳහන් කර සිටියේය.

    අගමැතිවරයාගේ ඉහත සංවේදී අදහස් දැක්වීමට සවන් දුන් එක්සත් ජාතික පක්‍ෂ පැරණිතම සාමාජිකයන් ඇතැම් අයෙකුගේ දෙනෙත් කඳුලින් පිරී තිබුණු අකාරය ද දැකගත හැකි විය.

    අරලියගහ මැදුරේදී ඉහත හමුව පැවැත්විණි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article