More

    හඬපට එළියට නොඑන්නේ ඇයි?ඇත්ත කතාව මෙන්න ?

    Must read

    පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී තමා සතුව ඇති හඬපට සභාගත කරන බව පැවසීය.

    අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ රාමනායක මන්ත්‍රීවරයා අදාළ හඬපට පාර්ලිමේන්තුව වෙත භාරදී ඇති බවයි.

    එහෙත් අද උදෑසන නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සභාවට දැනුම් දුන්නේ  හඬපට සභාගත කර නොමැති බවයි.

    මීට සුලු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සභාව අමතමින් පැවසුවේ,ඊයේ දිනයේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මහලේකම් වරයා වෙත  හඬපට ඇතුළත් සංයුක්ත තැටි භාරදී ඊට අදාළ රිසිට්පතක්ද ලබාගත් බව සඳහන්.

    එහෙත් පාර්ලිමේන්තු  ආරංචි මාර්ග අනාවරණය කරන අන්දමට එම සංයුක්ත තැටි හැන්සාඩ් දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් ඒවා පරීක්ෂා කර ඇත.එහෙත්  හඬපට 15,000ක් පමණ එහි සතු බැවින් අදාළ හඬපට පමණක් ඔවුන් වෙත ලබාදෙන ලෙස රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගෙන්  ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

    විශාල හඬපට සංඛ්‍යාවක් ශ්‍රවණය කිරීමේ ප්‍රායෝගික අපහසුතාවය මත මෙය සිදුව ඇති බව සඳහන්.

    එමෙන්ම හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ  ආරංචි මාර්ග අනාවරණය කෙරෙන අන්දමට අදාළ හඬපට වලින් ආණ්ඩුවේ ප්‍රබල පුද්ගලයෙකු සමඟ සිදුකළ  හඬපට කිහිපයක් එහි ඇතිබව  වාර්තා වෙයි.

     

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article