More

    විශ්ව විද්‍යාල වලට අළුතෙන් සිසුන් 540ක්.

    Must read

    උසස් පෙළ විභාගයේ පැරණි නිර්දේශය සහ නව නිර්දේශය හේතුවෙන් පැන නැගී ඇති ගැටළුවට විසඳුමක් ලෙස විශ්ව විද්‍යාල වලට ඇතුළත් කරන සිසුන් ප්‍රමාණය 540කින් වැඩි කිරීමට පියවර ගෙන තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා පැවසීය.

    ඒ අනුව  වෛද්‍ය පිඨවලට සිසුන් 110ක්, දන්ත වෛද්‍ය විද්‍යා පීඨයට (ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ) සිසුන් 30ක්, ඉංජිනේරු පීඨ වලට සිසුන් 100ක්, විද්‍ය පීඨ වලට සිසුන් 150ක් සහ කළමණාකාර පිඨ වලට 150ක් එලෙස  වැඩිපුර බඳවා ගැනීමට  පියවර ගෙන ඇතැයි මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා සඳහන් කළේය.

    එසේම පසුගිය වසරේ විශ්ව විද්‍යාල වලට බඳවා ගත්තේ සිසුන් 30,000ක් පමණක් වුවත් මෙවර එම සංඛ්‍යාව 41,000 දක්වා වැඩි කර තිබෙන බව ද අධ්‍යපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    මෙම පියවර ක්‍රියාත්මක කිරීමට විශ්ව විද්‍යාල පද්ධතිය භාණ්ඩාගාරයෙන් අනුමැතිය ලබාගෙන තිබෙන බවත් අධ්‍යන කාර්ය මණ්ඩලයේ අළුත් තනතුරු 500ක් ඇති කිරීමට මුදල් ප්‍රතිපාදන ලබාගෙන තිබෙන බවත් පීරිස් මහතා කීය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමිනි.

    ඒහිදී මහාචාර්ය පීරිස් මහතා මෙසේද කීය.

    අනුර කුමාර දිසානායක මහතා ජනවාරි 08 වැනිදා මට යොමු කළා ප්‍රශනයක්.එයට පිළිතුරු දීමට අදහස් කරනවා. ගරු මන්ත්‍රීතුමා අහපු කාරණය අපිට දායාද වූ ඉතිහාසයට අදාල කාරණයක්. 2011 අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්තුවා.එහිදී පෙනී සිටි සිසුන් කණ්ඩායම් දෙකක්. පැරනි නිර්දේශය හා නව නිර්දේශය. ඊට පස්සේ මේ සම්බන්ධයෙන් නඩු තීන්දුවක් තිබ්බා. එය 2012 අග්‍රවිනිශ්චයකාරතුමිය හා තවත් විනිශ්චයකාරවරු දෙදෙනෙක්ගෙන් සමන්විත විනිශ්චයකාර මඩුල්ලක් තීරණයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒකේ පැහැදිලිව සඳහන් කළා කණ්ඩායම් දෙක දෙකක් විදියට සලකන්න කියලා. තවත් විශේෂ කාරණය තමයි ඒ නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීම සම්බන්ධව යම් නිර්දේශ ශ්‍රේෂ්ටාධිකරණය නිකුත් කළා.

    2019 අගෝස්තු මාසේ මේ විභාගය අයෙත් පැවත්තුවා ඒ විදියටම. එ‍්කෙන් අර්බුධ රැසක් මතුවුනා. පැමිණිලි කරුවන් 43 දෙනෙක් පෙත්සම් 06ක් ශ්‍රේෂ්ටාධිකරණයට ඉදිරිපත් වුනා. ඒ පිළිබඳ නඩු තීන්දුවක් දුන්නා 2020.12.23 වැනිදා. එහි කිව්වා මේ නඩු තවදුරටත් අහන්න දෙන්නෑ කියලා. මේතන තියෙන ප්‍රශ්නය තමයි මේක මෙතනින් ඉවර නෑ. අද උදේ අධ්‍යපන ඇමති විධියට මම අපේ ලේකම්තුමා හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමා ඇතුළු අපිට නොතීසි එවලා තියෙනවා උසාවිය හමුවේ උත්තර බඳින්න කියලා.

    අපි දේවල් කළ යුත්තේ නීතියේ රාමුව තුළයි. නමුත් අපි එයට මුවාවී ප්‍රශ්නය මග හරිනෑ. එනමුත් නඩු තීන්දුවලින් විතරක් මේ ප්‍රශ්නෙ විසඳන්න බෑ. මම පෞද්ගලිකව විශාල උත්සහයක් දරලා තියෙනවා මේ ප්‍රශනය නිරාකරණය කරලා පුළුවං ප්‍රමාණයක් සිසුන් ට සහන ලබා දෙන්න. එහි ප්‍රතිඵලයක් විදියට අපා විශාල සහන මේ සිසුන්ට ලබා දී තියෙනවා. ගිය අවුරුද්දේ ශ්‍රී ලංකාව් විශ්ව විද්‍යාල වලට ඇතුලත් කළේ සිසුන් 30 000යි. මේ අවුරුද්දේ 41500යි. ඒයට අමතරව  විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමා මගේ නියොගය පරිදි උපකුලපතිවරුන් හා සියළු පීඨාධිපතිවරුන් හමුවුනා. මේ සුවිශේෂි තත්ත්වය තුළ මේ ළමයින්ට සහනයක් වශයෙන් එකඟත්වයට පැමිණියා. ඒ තමයි වෛද්‍ය පිඨවලට සිසුන් 110ක් දන්ත වෛද්‍ය විද්‍යා පීඨයට (ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ) සිසුන් 30ක්, ඉංජිනේරු පීඨ වලට සිසුන් 100ක්, විද්‍ය පීඨ වලට සිසුන් 150ක්, කළමණාකාර පිඨ වලට 150ක්, එකතුව 540ක්.

    මේක ක්‍රියාත්මක කිරීමට අපේ විශ්ව විද්‍යාල පද්ධතිය ප්‍රථම වතාවට භාණ්ඩාගාරයෙන් අනුමැතිය ලබාගෙන තිබෙනවා අධ්‍යන කාර්ය මණ්ඩලයේ අළුත් තනතුරු 500ක් ඇති කරන්න මුදල් ප්‍රතිපාදන ලැබී තිබෙනවා. ඒ අධ්‍යන වගේම අනධ්‍යන කාර්ය මණ්ඩල වලට බඳවා ගැනීම් කරලා අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩි කරන්න.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article